ශ්‍රීලනිපය පොහොට්ටු අර්බුදය ; සන්ධාන ගහන්නත් දැන් නම් බයයි - දිළුම් - Lanka News Web (LNW)

ශ්‍රීලනිපය පොහොට්ටු අර්බුදය ; සන්ධාන ගහන්නත් දැන් නම් බයයි - දිළුම්

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී සිදුවූ සිදුවීම් අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව සන්ධානයක් බිහි කිරීම සම්බන්ධයෙන් දැන් නම් බියක් මතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

 

ශ්‍රීලනිප සමඟ සන්ධානයක් ඇති කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වුණත් එම සන්ධානය සාර්ථකවී ඉන් මැතිවරණයකට ඉදිරිපත් වීමෙන් අනතුරුවත් අයවැය ඡන්දයේදී සිදුවූ දේම සිදුවිය හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කිරීමට එදින උදෑසනත් එකඟ වුණු ශ්‍රීලනිප කණ්ඩායම අවසන් මොහොතේ පැනගොස් සැඟවුණු බව ඒ මහතා ප්‍රකාශ කළේය.

දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සිහිපත් කළේ අයවැය ඡන්ද විමසීම පැවති දිනයේ උදෑසන 11.00ට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කණ්ඩායම් රැස්වීමේදීත් දයාසිරි ජයසේකර මහතා ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එකඟ වූ බවයි.

RN

නවතම පුවත්

මැයි 24, 2019

විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහට එරෙහිව නීතිපති නඩු පවරයි

යාපනය පුංකුඩුතිව්, සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතකයන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා…

මැයි 24, 2019

තවත් මාසයක් සදහා හදිසි නීතිය සම්මත වෙයි

හදිසි නීතිය තවත් මාසයක කාලයක් සදහා අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මැයි 24, 2019

පාස්කු ප්‍රහාරකයන් රකින්නේ ජනපති සහ අගමැති (VIDEO)

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වී සිටින අය ආරක්ෂා කරමින් සිටින බව…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb