ලංකාවට වැඩියෙන්ම එතනෝල් ගෙන්වන්නේ ලක්ෂ්මන්, ජොන්ස්‍ටන්, අරුන්දික සහ එජාපයේ කෙනෙක්

ලංකාවට වැඩියෙන්ම එතනෝල් ගෙන්වන්නේ ලක්ෂ්මන්, ජොන්ස්‍ටන්, අරුන්දික සහ එජාපයේ කෙනෙක්

18 March 2019 01:10 am

මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන එතනෝල් ස්ප්‍රීතු වැඩියෙන්ම ශ්‍රී ලංකාවට ගෙන්වන්නේ පාර්ලිමේන්තුවේම සභිකයින් හතර දෙනෙකු විසින් බව අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

 

ඒ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ද සිටින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් එජාප සාමාජිකයාගේ නමක් ඔහු සඳහන් කළේ නැත.

එසේම තම උපන් දිනයට සුබ පතමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් එහිදී වැඩියෙන්ම කොකේන් ගෙන්වන්නේ සහ භාවිතා කරන්නේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බව තමන් ඒ මහතාට ප්‍රකාශ කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (16) පාර්ලිමේන්තුවේදී කාරක සභා විවාදයට එක් වෙමිනි.

RN