නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

18 March 2019 09:07 am

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළේ ය.

හිටපු අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාට අපහාස කිරිමේ චෝදනාවකට අදාළ නඩු විභාගයේ තීන්දුව අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදීම මගින් මෙය සිදු විය.

අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෲ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව විභාග කෙරිණ.

පසුගිය කාලයේදී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මහජන අර්ථසිද්ධි නඩුකර සම්බන්ධයෙන් ක්‍රියාකාරිකයෙකු වශයෙන් සක්‍රිය දායකත්වයක් දැක්වූ අතර, අධිකරණය සහ නීති පද්ධතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන නීතීඥවරයෙකු වශයෙන් ද ඔහු ප්‍රකට ය.