බෙලිඅත්තේ විපක්ෂ නායකට වෙඩි ප්‍රහාරයක්

බෙලිඅත්තේ විපක්ෂ නායකට වෙඩි ප්‍රහාරයක්

20 March 2019 05:12 am

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කපිල අමරකෝන් මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

 

මන්ත්‍රීවරයාගේ නිවසේදී අද (20) උදෑසන 6.15ත් 7.30ත් අතර කාලය තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි වාර්තා වේ.

වෙඩි ප්‍රහාර 04ක් පමණ එල්ල වී ඇති බවත් තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සඳහන්.

බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

RN