යුද අපරාධ: “අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනේ” සරත් වීරසේකර ජිනීවාහිදී (VIDEO) - Lanka News Web (LNW)

යුද අපරාධ: “අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනේ” සරත් වීරසේකර ජිනීවාහිදී (VIDEO)

ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් ‘අනිවාර්යයෙන්’ දඬුවම් දිය යුතු බව රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.
 
යුද අපරාධ සිදු වූ බව පසුගිය අවුරුදු දහය තිස්සේම ප්‍රතික්ෂේප කර ඇති රාජපක්ෂ වාදී හිටපු නාවික හමුදා නිලධාරියා ඒ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාවේ රජයට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විරෝධය පෑමට ජිනීවා ගොස් සිටියදීය.
 
ඔහු විසින් යුද අපරාධ හඳුන්වන ලද්දේ ‘වැරදි’ යනුවෙනි.
 
“යුද්ධය තියෙන කාලේ උනත්, යුද්ධයෙන් පසුව උනත් වැරද්දක් කරලා තියෙනවා නම්, ඒකට අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනේ,” යි රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කළේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් IBC තමිල් නාලිකාව විසින් ප්‍රශ්න කරන ලද අවස්ථාවේදීය.
 
ඔහු නියෝජනය කරන ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ නිලධාරීන්ද ඒ ප්‍රකාශය කරන අවස්ථාවේ සිටිනු දැකගත හැකිය.
 
වැරදි කරුවන්ට දඬුවම් දීම සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණය සුදුසු බව අවධාරණය කරමින් “අපේ වැඩේ අපි බලාගන්නම්” කී රියර් අද්මිරාල් සරත් වීරසේකර ඒ සඳහා විදේශීය විනිශ්චයකරුවන් සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර සිටියේය.
 
යුද්ධයේදී අපරාධ කළ හමුදා නිලධාරීන්ට දඬුවම් පැමිණවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මෑතදී දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර තිබුනි.
 
යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කරන බවට ශ්‍රී ලංකාව විසින් වසර හතරකට ඉහතදී ජගත් ප්‍රජාව හමුවේ දෙනලද පොරොන්දු ඉටු කිරීම සඳහා තවත් කල් ගැනීමේ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම අද්මිරාල් වීරසේකරගේ හෙලා දැකීමට ලක්වුයේ රටේ දේශපාලන නායකයන් බලයේ ඉඳීම සඳහා “බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ සහ බටහිර රටවල සහාය ලබා ගැනීමට” ගන්නා අවසනාවන්ත පියවරක් ලෙසිනි.
 
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයට එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දේශපාලකයෝ ද සහභාගි වෙති.
 
radiogagana.com
 

නවතම පුවත්

මැයි 21, 2019

මිනුවන්ගොඩ සංහිඳියාවට ගිනි තැබූ කළු මැයි ජාතිවාදය

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු සිදුවෙමින් පවතින සිද්ධි දාමය අවසන් ඉමකට පැමිණ…

මැයි 21, 2019

මහනුවර පාසල්වල දරුවන්ගේ පැමිණීම යථාතත්ත්වයට (VIDEO)

ආරක්ෂාව තහවුරු වී ඇතැයි ආණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාසල් සඳහා දරු දැරියන්ගේ පැමිණීම මේ වන විට…

මැයි 21, 2019

බදූර්දීන්ට එරෙහි විශ්වාස භංග විවාදයට ළඟම දිනයක් දෙන්න සූදානම් - කිරිඇල්ල

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙහි මූලිකම කරුණක් වන දිනය…

මැයි 21, 2019

ඥානසාර හිමි නිදහස් කරන්න අපි ජනපතිට සතියක් කල්දීලා තියෙනවා

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් ලබන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb