අක්කර පහක් නිදහස් කිරීමට හමුදාව සැරසේ

අක්කර පහක් නිදහස් කිරීමට හමුදාව සැරසේ

20 March 2019 10:40 am

යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල නැගෙනහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහනේ 4 වන අදියර යටතේ තවත් ඉඩම් අක්කර පහක් නිදහස් කිරීමට යුද හමුදාව සුදානමින් සිටි.
 
කුච්චිවෙලි, කල්මූණේ සහ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිරියාය, පෙරියණිලාවේලි සහ තිරුක්කෝවිල් ග්‍රාම සේවා වසම්හි ඉඩම් අක්කර 5.05 ක් 2019 මාර්තු 25 සඳුදා  දින නිදහස් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.
 
නිදහස් කිරීමට නියමිත ඉඩම්වලින් අක්කර 3.5 ක් පෞද්ගලික ඉඩම් හිමියන්ට අයත් වන අතර ඉතිරි කොටස රජය සතු ඉඩම්ය.
 
මෙලෙස නිදහස් කිරීමට නියමිත ඉඩම් සඳහා වූ නිල ලේඛන අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නිල වශයෙන් භාරදීමට නියමිතව ඇත.
 
මෙම අවස්ථාව සඳහා ආගමික නායකයින්, ආණ්ඩුකාරතුමන්, දිස්ත්‍රික් ලේකම්තුමන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති, රාජ්‍ය නිලධාරීන්, ඉඩම් හිමියන්, ග්‍රාම සේවා නිලධාරීන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගිවීමට නියමිතය.
 
ජනාධිපති කාර්යසාධක බලකායේ උපදෙස් මත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මඟපෙන්වීමෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ජාතික ආරක්‍ෂාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි යුද්ධ හමුදාව භාවිතා කල රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් මෙලෙස නිදහස් කරන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.
 
ආරක්‍ෂක හමුදාව හා ජනතාව අතර සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා  විසින් 25  සඳුදා  දින නිදහස් කිරීමට නියමිත ඉඩම් සඳහා වූ නිල ලේඛන සංකේතාත්මකව භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වැඩි දුරටත් පවසයි
 
හමුදාව භාරයේ ඇති ජනතා ඉඩම් පසුගිය අවුරුද්දේ අවසානයට පෙර මුදා හරින බවට ජනාධිපතිවරයා සහතික වුවත් ඔහු යටතේම ඇති ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2019 ජනවාරි 25 දා නිකුත් කර ඇති සංඛ්‍යාලේඛන අනුව අක්කර 28,910 ක භුමි ප්‍රමාණයක් තවමත් නිදහස් කර නැත.
 
එසේ නිදහස් කර නොමැති උතුරේත්, නැගෙනහිරත් දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඉඩම් හමුදාකරණයට හා මහා පාරිමාන ව්‍යාපාර වලට යට කර ඇති බවට දේශීය වශයෙන් හා ජාත ්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා රජයටත් , රජයේ ආරක්ෂක අං ශවලටත් චෝදනා එල්ල වී තිබේ.
 
CR
 
land 1