ලංකාවේ පැරණිම රාජධානි දෙකේ වකුගඩු රෝගීන් 17,000 ක් ! - Lanka News Web (LNW)

ලංකාවේ පැරණිම රාජධානි දෙකේ වකුගඩු රෝගීන් 17,000 ක් !

දිවයින පුරා වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇති බව ජනාධිපතිවරයා පවසයි. වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉකුත් සිව් වසර තුළ ප්‍රමුඛත්වය ලබාදෙමින් පුළුල් වැඩ කොටසක් සිදුකර ඇති බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ.
 
කුමන විවේචන සිදුකළ ද ඉකුත් සිව් වසර තුළ මහජන සේවාවන් වඩා ශක්තිමත් වී ඇති බව අවධාරණය කරන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අහිංසක ජනතාව වෙනුවෙන් එම සේවාවන් තවදුරටත් පුළුල් කරන බවයි.
 
ඔහු ඒ බව ප්‍රකාශ කළේ, ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437 ක මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ධව ඉදිකරන ලද 'මෙත්සිරි සෙවණ' වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (20) පැවති උත්සවය අමතමිනි.
 
අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මේ වනවිට වකුගඩු රෝගීන් 17,000 ක් පමණ හඳුනා ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
 
එම රෝගීන්ට එවකර ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් මෙම මධ්‍යස්ථානයේ තිබෙන අතර වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා ද මෙහි පහසුකම් සලසා ඇති බව එම මාධ්‍ය අංශය වැඩි දුරටත්  සඳහන් කරයි.
 
අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වීරකුමාර දිසානායක, දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ යුද හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.
 
CR
 
maithripala sirisena 1

නවතම පුවත්

මැයි 21, 2019

මිනුවන්ගොඩ සංහිඳියාවට ගිනි තැබූ කළු මැයි ජාතිවාදය

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු සිදුවෙමින් පවතින සිද්ධි දාමය අවසන් ඉමකට පැමිණ…

මැයි 21, 2019

මහනුවර පාසල්වල දරුවන්ගේ පැමිණීම යථාතත්ත්වයට (VIDEO)

ආරක්ෂාව තහවුරු වී ඇතැයි ආණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාසල් සඳහා දරු දැරියන්ගේ පැමිණීම මේ වන විට…

මැයි 21, 2019

බදූර්දීන්ට එරෙහි විශ්වාස භංග විවාදයට ළඟම දිනයක් දෙන්න සූදානම් - කිරිඇල්ල

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙහි මූලිකම කරුණක් වන දිනය…

මැයි 21, 2019

ඥානසාර හිමි නිදහස් කරන්න අපි ජනපතිට සතියක් කල්දීලා තියෙනවා

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් ලබන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb