මාරපන මිචෙල් බැචලේව ප්‍රතික්ෂේප කරයි - Lanka News Web (LNW)

මාරපන මිචෙල් බැචලේව ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (20) එම සැසි වාරයේදී නිල වශයෙන් සභාගත කළ අතර එහිදී ඇය යෝජනා කර තිබූ මෙරට සිදුවූ යුධ අපරාධ විමර්ශනය කිරීම සඳහා විදෙස් විනිසුරුවරුන් සහිත දෙමුහුන් අධිකරණයක් පිහිටුවිය යුතු බවට වූ යෝජනාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

 

යුධ අපරාධ පිළිබඳ සෙවීමේ ක්‍රියාවලිය මන්දගාමී ස්වභාවයක් ගෙන ඇති බවයි මහ කොමසාරිස්වරිය සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ. ඒ අනුව විදෙස් විනිසුරන්ගෙන් සමන්විත විශේෂ අධිකරණයක් ඒ සම්බන්ධයෙන් පිහිටුවිය යුතු බවට ඇය යෝජනා කර ඇත.

ආරක්ෂක හමුදාවලට සම්බන්ධවූවන් සහ එහි ඉහළ නිලයන් දැරූවන් අපරාධවලට සම්බන්ධ වී ඇති අවස්ථාවලදී ඔවුන් සම්බන්ධයෙන් නීතීය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට ඇති හැකියාව ප්‍රශ්නකාරී බවයි ඇය පෙන්වාදෙන්නේ.

විශේෂයෙන් යුධ අපරාධ චෝදනා එල්ල වී තිබියදී යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීමක් ලෙස ඇය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නිරන්තර අධීක්ෂණය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ දේශීය කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද ඇය පෙන්වාදී තිබේ. ඊට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ සහය ලබා දෙන බවද ඇය කියා තිබේ.

මේ අතර අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම අගය කිරිමටද ඇය කටයුතු කර ඇත. එම කාර්යාලය පිහිටවූ ආකාරයෙන් වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කරන ලෙසද යෝජනා කර තිබේ.

එමෙන්ම උතුරේ ආරක්ෂක අංශ භාරයේ පැවති ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද මිචෙල් බැචලේ මහත්මිය අගය කර තිබේ.

මහ කොමසාරිස්වරියගේ කරුණු දැක්වීමෙන් අනතුරුව සභාවට කරුණු දැක්වූ තුලක් මාරපන මහතා සිය කතාවේදී මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයක් ලංකාවේ ස්ථාපිත කිරීමේ යෝජනාවද ප්‍රතික්ෂේප කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් මුහුණ දී සිටින සංවේදි හා සංකිර්ණ ගැටලු විසඳීම සඳහා කාලරාමුවක් ලබාදීමද යුක්ති සහගත නොමැති බවයි අමාත්‍යවරයා කියා ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකාවද සම අනුග්‍රහය දක්වන යෝජනාව හෙට (21) දිනයේදී මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතය.

මහ කොමසාරිවරියගේ වාර්තාවට අනුව විශේෂයෙන් යුධ අපරාධ සම්බන්ධයෙන් සෙවීම සඳහා විදෙස් විනිසුරන්ගෙන් සමන්විත විශේෂ අධිකරණයක් යළිත් යෝජනා කර ඇති අවස්තාවක ශ්‍රී ලංකාවද සම අනුග්‍රහය දක්වන යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බව මෙම සැසියට සහභාගී වී සිටින මෙරට කණ්ඩායම් පෙන්වාදෙයි.

 

නවතම පුවත්

මැයි 21, 2019

මිනුවන්ගොඩ සංහිඳියාවට ගිනි තැබූ කළු මැයි ජාතිවාදය

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු සිදුවෙමින් පවතින සිද්ධි දාමය අවසන් ඉමකට පැමිණ…

මැයි 21, 2019

මහනුවර පාසල්වල දරුවන්ගේ පැමිණීම යථාතත්ත්වයට (VIDEO)

ආරක්ෂාව තහවුරු වී ඇතැයි ආණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාසල් සඳහා දරු දැරියන්ගේ පැමිණීම මේ වන විට…

මැයි 21, 2019

බදූර්දීන්ට එරෙහි විශ්වාස භංග විවාදයට ළඟම දිනයක් දෙන්න සූදානම් - කිරිඇල්ල

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙහි මූලිකම කරුණක් වන දිනය…

මැයි 21, 2019

ඥානසාර හිමි නිදහස් කරන්න අපි ජනපතිට සතියක් කල්දීලා තියෙනවා

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් ලබන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb