විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

20 March 2019 05:37 pm

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අවධාරණය කරයි.

 

තමන් රාජපක්ෂවරු වෙනුවෙන් අවසාන වශයෙන් සහය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති කිරීම සඳහා බවත් යළි කිසිදිනෙක රාජපක්ෂ සමාගමට සහය නොදීමට තීරණය කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති වී පසුව පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන තමන් ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායමට "කෙළවු" බව ඔහු කියාසිටියේය. එවන් පසුබිමික් තුළ තවදුරටත් රාජපක්ෂලා පසුපස යා යුතුදැයි හෙතෙම ප්‍රශ්න කරයි.

"මේ ලෝකේ ජනාධිපති අපේක්ෂකයා තොරණ ක්‍රමයක් තියෙනවා. ඇමරිකාවේ නම් රිපබ්ලිකන් පක්ෂයේ ජන්ද වලින්. වෙන රටවල පක්ෂයේ මධ්‍යම කාරක සභාව,උත්තරීතර මණ්ඩලය, සෙනෙට් සභාව. හැබැයි පොහොට්ටුවේ අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුල. ඔය වහල්භාවයෙන් මිදෙන්න ඕනේ. මම කෙලින්ම කියනව මම නැවත රාජපක්ෂ සමාගමට වැඩ කරන්නේ නැහැ."

එමෙන්ම තවදුරටත් තමන්ගේ නායකයා ජනාධිපතිවරයා බව පවසන විජිතමුණි සොයිස මහතා අවධාරණය කරන්නේ ජනාධිපතිවරයාට "ගේමක් " ගසමින් සිටින බවයි.

 "තාම මගේ නායකයා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමත් ගේමක් ගහමින් යනවා. බලමු කොයිපැත්තටද කියල. කුට්ටම අනනවනේ. කුට්ටම අනද්දී කොලේ ඉල්ලන්නේ නැහැනේ. කුට්ටම කපපුවාමනේ කොලේ ඉල්ලන්නේ. කුට්ටම කපනකම් ඉමු. එතකොට හරි කොලේ ඉල්ලන්නම්."

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර තිබුණේ අද (20)මොණරාගල බිබිල ප්‍රදේශයේ පවතී ජනහමුවකදීය.

ASK