ජාතික අපේක්ෂාවන් සම්පූර්ණ කරගැනීමට එක්වන්න

ජාතික අපේක්ෂාවන් සම්පූර්ණ කරගැනීමට එක්වන්න

14 April 2019 02:58 am

අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල භුක්ති විදිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කරගැනීමට මෙවර සිංහල,දෙමළ අලුත් අවුරුද්දේ එක්සිත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළ ගැසෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිංහල දෙමළ අළුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩයෙන් පවසයි.

 

අලුත් අවුරුද්ද නමැති අනර්ඝ සංස්කෘතික උත්සවය වෙළෙඳපොළ යාන්ත්‍රණයේ පරිභෝජනවාදී මතවාදයට ගැතිව ඇති කලෙක එහි ගැඹුරු හරය තේරුම් ගැනීම සඳහා මෙවර අලුත් අවුරුද්දේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

සොබා දහම සමඟ ඒකාත්මික වීමේ අවශ්‍යතාව වඩ වඩාත් දැනෙන මොහොතකට අප සියලු දෙනා එළඹ සිටින බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

එමෙන්ම අලුත් අවුරුදු ප්‍රීතිය අත්විඳින මෙරට ජනතාවට මෙන්ම එතෙර දිවි ගෙවන සියලි ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යයෙන් යුත් සාමකාමී සුභ අලුත් අවුරුද්දකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුභ පැතුම් එක්කරයි.

ASK