තුන් පොකුරු යෝගයට ජනාධිපති පැළ සිටුවන විට ජාතික භෞතික සැලැස්මෙන් වන්නාන්තර 33ක් අවධානමේ

තුන් පොකුරු යෝගයට ජනාධිපති පැළ සිටුවන විට ජාතික භෞතික සැලැස්මෙන් වන්නාන්තර 33ක් අවධානමේ

14 April 2019 05:17 pm

තුන් පොකුරු යෝගය යෙදි ඇති හෙට දින පෙරවරු 11.17ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළයක් රෝපණය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 පැළයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරිමට එකතුවන ලෙසයි ජනාධිපතිවරයා එලෙස ඉල්ලා සිටින්නේ.

මෙවර සිංහල දෙමළ අළුත් අවුරුදු නැකත් අතර පැල සිටුවීමේ නැකතද එකතු කර තිබේ.

ඒ අනුව තුන් පොකුරු යෝගය යෙදී ඇත.

තුන් පොකුරු යෝගයට පමණක්‌ නොව පැළයක් සිටුවා මහ පොළවට මෙන්ම අනාගත පාරපුර වෙනුවෙන්ද ජීවය රැක ගැනීම
අද දවසේ වගකීමකි.

මේ වන විටත් දරා ගත නොහැකි මට්ටමේ කාලගුණික වෙනස් වීම පැළයක් සිටුවීම දක්වා ජන මනස පුබුදුවාලීම සැලකිය යුතු කරුණකි. පසුගිය කාලය පුරාම හාවක් හූවක් නොමැතිව මෙරට වන ඝනත්වය සිඳ දමමින් පවතින විට අද දවසේ පැවති උනන්දුව එදා තිබුණේ නම බොහෝ දේ වෙනස් වන්නට ඉඩ තිබුණි.

කෙසේවෙතත් ජාතික භෞතික සැලසුමට අනුව මෙරට වනාන්තර 33ක් අවධානමට ලක්වී තිබියදී තුන් පොකුරු යෝගය ගැන කතා කරන පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ ගැන වගක් නොමැතිව මෙන් සිටීම කණගාටුදායක තත්ත්වයකි.

තුන් පොකුරු යෝගයේදී පැළයක් සිටුවා පුරවැසි වගකීම ඉටුකරන අතරේ වසර සිය දහස් ගණනක් පුරා මේ මහ පොළව බදා වැළඳ ගෙන හිඳිනා මහා රූස්ස වනස්පතීන් බිම හෙළනු දැකීමට සාතිශය බහුතරයක් එරෙහි වන බවද ජනාධිපතිවරයා සිහියට ගත යුතුය.

ASK