අතුරුදන් වූවන් සොයාදෙන ලෙස බලකරමින් අවුරුදු දා උතුරේ විරෝධතා !

අතුරුදන් වූවන් සොයාදෙන ලෙස බලකරමින් අවුරුදු දා උතුරේ විරෝධතා !

15 April 2019 03:26 am

අතුරුදන් වූවන් සොයා දෙන ලෙස රජයට බලකරමින් ඊයේ (14) සිංහල - දෙමළ අලුත් අවුරුදු දිනයේ වව්නියාවේදී විරෝධතාවක් පැවැත්විණි.

 

වව්නියාව කන්දසාමි කෝවිලේදී පැවති දේව කන්නලව්වකින් අනතුරුව පැවති මෙම විරෝධතාවට අතුරුදන් වූවන්ගේ ඥාතීන් රැසක් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

යුද්ධය නිමවී වසර 10ක් ගත වී ඇතත් අතුරුදන් වූවන් සොයාදීම සඳහා කිසිදු රජයක් නිසි ක්‍රියාමාර්ග නොගත් බවටයි ඔවුන් චෝදනා කළේ.

එසේම තමන් මෙම විරෝධතාව ආරම්භ කර දින 785ක් ගතවී ඇති බව සිහිපත් කළ ඔවුහු විටින් විට රජය විවිධ පොරොන්දු ලබාදුන්නත් ඒවා ඉටු නොකිරීම කණගාටුවට කරුණක් බවයි.

එහෙයින් හැකි ඉක්මනින් මෙම ගැටළුව සඳහා විසඳුම් ලබාදෙන ලෙස විරෝධතාකරුවෝ බලකර සිටියහ.

RN