ආණ්ඩු පෙරළියක් ගැන පැතිර යන කථා අසත්‍යයයි - අජිත් - Lanka News Web (LNW)

ආණ්ඩු පෙරළියක් ගැන පැතිර යන කථා අසත්‍යයයි - අජිත්

ජනාධිපතිවරණයට පෙර යළිත් ආණ්ඩු පෙරළියක් සිදු වනු ඇති බවට පැතිර යන පුවත් අසත්‍යය බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

 

අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සමඟ තමන් නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව පැවසූ ඒ මහතා එවන් ආණ්ඩු පෙරළියක් ගැන කිසිදු ආරංචියක් තමන් වෙත නම් ලැබී නොමැති බවයි අවධාරණය කළේ.

එසේම තමන්ගේ පාර්ශ්වයෙන් එවැන්නක් සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනෙනු ඇති බවත් මෙවැනි ආරංචි පතුරුවා හරින්නේ රට අස්ථාවර කිරීමට වුවමනා වී ඇති පාර්ශ්ව විසින් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාව තනතුරින් ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින් සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවක් හරහා පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර හිතුවක්කාරකම් කිරීමට ගොස් පාඩම් ඉගන ගත්තේද නැද්ද යන්න තමන් නොදන්නා බවත් සඳහන් කළේය.

 

RN

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

සජිත්ගේ ළදරු ක්‍රියාකාරකම් ගැන අගමැති බලවත් අප්‍රසාදයෙන්

අප්‍රේල් 13, 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර්...

යුද්ධය දරුණු වෙද්දී ගෝ‍ඨා හමුදාව අතැර රට ගියේ බිරිඳගේ බලපෑම නිසා

අප්‍රේල් 12, 2019

1990 ජුනි දෙවැනි ඊළාම් යුද්ධය පටන් ගත් පසු, යුද ගැටුම්...

"සජිත්ට අපි උදව් කළ යුතුයි" - ජනාධිපතිගේ අවුරුදු පැතුම

අප්‍රේල් 15, 2019

සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති...