TNA අළු යට ගිනි - සුරේෂ්ගෙන් නැවත විරෝධය - Lanka News Web (LNW)

TNA අළු යට ගිනි - සුරේෂ්ගෙන් නැවත විරෝධය

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහය පළ කළද දෙමළ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා චෝදනා කරයි.

 

මෙවර අයවැය වෙනුවෙන්ද දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහය දී තිබෙන අතර ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට හැම විටම දෙමළ ජාතික සන්ධානය යොදා ගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.

පසුගියදා අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මාවෙයි සේනාධිරාජා මහතා පවසා ඇත්තේ අයවැයට සහය දීම සඳහා ආණ්ඩුවට කොන්දේසි ඉදිරිපත් කළ බවයි. එහෙත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටින්නේ එවැනි කොන්දේසියක් ලිඛිතව ලබා දී නොමැති බවයි.

ඒ තවදුරටත් දෙමළ ජනතාවට සහනයක් අත්ව නොමැති බව හෙතෙම පෙන්වා දෙයි. ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා පසුගිය කාලය තුළ දෙමළ ජාතික සන්ධානය යොදා ගත් අතර සුමන්තිරන් වැනි අය ඊට සහය දෙන බවද හිටපු මන්ත්‍රීවරයා කියාසිටියි.

ආණ්ඩුවට සහය දෙන අතර තුර බලපෑම් කරන බවට TNA කණ්ඩායම පැවසුවද ඉන් පලක් වී ඇත්ද යන්න සිතා බැලිය යුතු බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

පපසුගිය ඔක්තෝම්බර් 26 ආණ්ඩු පෙරළියෙන් පසු යළි එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍ය රනිල් සහය ලබා දුන්නේය. එහි ප්‍රථිපලයක් ලෙස ඔවුන්ට හිමිව තිබූ විපක්ෂ නායක ධූරයද ඔවුන්ට අහිමි විය. ඉන් නොනැවතී මෙවර අයවැය වෙනුවෙන්ද TNA සිය සහය වික්‍රමසිංහ මහතාට ලබා දී තිබේ.

මේ අතර සංහිඳියා වැඩපිළිවෙලද එක් පසෙකින් දිවෙන අතර එය සාර්ථකද යන්න පොදු ප්‍රශ්නයක් පවතී. කෙසේවෙතත් උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම් අඛණ්ඩව සිදුවන අතර සමස්තයක් ලෙස ජන ජීවිත යථා තත්ත්වයට පත්වීම ඇතැම් අය සම්බන්ධයෙන් සිදුව නොමැති බව දිගින් දිගටම එල්ල වන චෝදනාවකි.

අනෙක් පසින් යුක්තිය ඉටු නොවුණු අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය වෙයි. මෙවැනි කාරණා මැද සිදුවන දේශපාලන හැල හැප්පීම් සමඟ මේ වන විට ලාංකේය දේශපාලනයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති දෙමළ ජාතික සන්ධනය තුළ ඝට්ටනයන් මතුවීම අරුමයක්ද නොවේ.

ASK

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

සජිත්ගේ ළදරු ක්‍රියාකාරකම් ගැන අගමැති බලවත් අප්‍රසාදයෙන්

අප්‍රේල් 13, 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර්...

යුද්ධය දරුණු වෙද්දී ගෝ‍ඨා හමුදාව අතැර රට ගියේ බිරිඳගේ බලපෑම නිසා

අප්‍රේල් 12, 2019

1990 ජුනි දෙවැනි ඊළාම් යුද්ධය පටන් ගත් පසු, යුද ගැටුම්...

"සජිත්ට අපි උදව් කළ යුතුයි" - ජනාධිපතිගේ අවුරුදු පැතුම

අප්‍රේල් 15, 2019

සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති...