විදුලි අර්බුදය විසඳන මුවාවෙන් ලංවිම මාෆියාව නැවත කලඑළි බසී! - Lanka News Web (LNW)

විදුලි අර්බුදය විසඳන මුවාවෙන් ලංවිම මාෆියාව නැවත කලඑළි බසී!

පසුගිය කාල වකවානුව තුළ පැවති විදුලි කප්පාදුව උදාවූ සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සමඟ අවසන් කරන ලද්දේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ හා නිලධාරී මාෆියාකරුවන්ගේ දීර්ඝ කාලීන සැලැස්මට අනුව මෙගාවොට් 100 ක විදුලි ධාරිතාවක් පෞද්ගලික ආයතන වලින් ලබාගැනීම සඳහා රජයට පැවති අවශ්‍යතාව සපුරාලීම සඳහා බව විදුලි හා බලශක්තීන් පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දෙති.

 

මෙරට පවතින විදුලි අර්බුදය හමුවේ ටෙන්ඩර් කැඳවීම් හා මිළදී ගැනීම් වල පවතින අක්‍රමිකතා හේතුවෙන්, ඉදිරි 2021 හා 2022 යන වර්ෂයන් තුළද මෙම චක්‍රය මෙලෙසම ක්‍රියාත්මක වනු ඇති බවටත්, එය විසඳීමට කිසිදු විකල්පයක් ගෙන නොමැති බවටත් ඔවුහු පෙන්වා දෙති.

මතුව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් වාසි ලබා ගනු වස්, පවතින විදුලි අර්බුදයට විකල්ප බලශක්ති ක්‍රමවේද ලෙස ‘රැහැන් බලශක්ති ව්‍යාපෘති සහ චලනය වන ජල බල උත්පාදක යන්ත්‍ර‘ පවතී යැයි අවිද්‍යාත්මක විසඳුම් ගෙන හැර පාන ඇතැම් නවෝත්පාදකයන් යැයි පවසා ගත් පුද්ගලයන් විසින් මුද්‍රිත මාධ්‍යය භාවිතා කරමින් සුරංගනා කතා පතුරවමින් සිටින බවට මොවුහු පවසති. මෙවන් ව්‍යාපෘති සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා වල කිසිදු ප්‍රායෝගික හෝ විද්‍යාත්මක පදනමක් නොපවතින බවටත්, කිසිදු විද්‍යාත්මක දැනුමක් නොමැති මෙසේ නවෝත්පාදකයන් යැයි කියා ගත් පිරිස් විසින් පවතින විදුලි අර්බුදයට විකල්ප විසඳුම් පවතී යැයි රජයට ඒත්තු ගැන්වීමේ උත්සාහයක නිරතව සිටින බවටත් ඔවුහු පෙන්වා දෙති.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය තුළ මෑතදින සිදුවූයේ යැයි පැවසූ කාර්මික බිඳවැටීම් සමඟ ඇතිවූ විදුලි සැපයුමේ වූ අක්‍රමිකතා, වර්තමානය තුළ පවතින නියං තත්ත්වය මත ජල ප්‍රභව සිඳී යාම වාසි සහගත කොටගෙන ලංවිම මාෆියාව විසින් නිර්මාණය කරන ලද ව්‍යාජ විදුලි කප්පාදුවක රඟ දැක්වීමක් බව විද්වතුන්ගේ මතය වී තිබේ.

පසුගිය ඔක්තෝබර් 20 වන දින පවතින විදුලි බල සැපයුම් ඌනතාව විසඳනු වස් මෙගාවොට් 200 ක අඩු වියදම් විදුලි ධාරිතාවක් මිළදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ලංවිම මාෆියාව ක්‍රියාත්මක වූ අතර, එමඟින් විදුලි බල උත්පාදනය පිළිබඳ දිගුකාලීන ජාතික සැලැස්ම ලංවිම මාෆියාව විසින් ඩැහැගෙන ඇත.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වන්නේ, රජයේ හා පෞද්ගලික ආයතන වල බල උත්පාදක යන්ත්‍ර විසින් අතිරේක විදුලි ජනනයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරන ලෙසයි.

පවතින විදුලි අර්බුදය පසුපස පවතින ලංවිම මාෆියාවේ අරමුණ වී තිබෙන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ උපදෙස් අනුගමනය කිරීම පසෙකලා හදිසි විදුලි බලය මිළදී ගැනීමයි.

MIAP

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

සජිත්ගේ ළදරු ක්‍රියාකාරකම් ගැන අගමැති බලවත් අප්‍රසාදයෙන්

අප්‍රේල් 13, 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර්...

යුද්ධය දරුණු වෙද්දී ගෝ‍ඨා හමුදාව අතැර රට ගියේ බිරිඳගේ බලපෑම නිසා

අප්‍රේල් 12, 2019

1990 ජුනි දෙවැනි ඊළාම් යුද්ධය පටන් ගත් පසු, යුද ගැටුම්...

"සජිත්ට අපි උදව් කළ යුතුයි" - ජනාධිපතිගේ අවුරුදු පැතුම

අප්‍රේල් 15, 2019

සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති...