"සජිත්ට අපි උදව් කළ යුතුයි" - ජනාධිපතිගේ අවුරුදු පැතුම

"සජිත්ට අපි උදව් කළ යුතුයි" - ජනාධිපතිගේ අවුරුදු පැතුම

15 April 2019 11:02 am

සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරයි. ඊයේ(14) ජනාධිපතිවරයා සමඟ අවුරුදු චාරිත්‍රවලට එක්ව සිටි සමීපතමයන් සමඟ ජනාධිපතිවරයා යම් කතා බහක නියැලී ඇති අතර එම සංවාදයේ විශේෂ චරිතයක් බවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත්ව තිබේ.

 සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාධනීය ස්වරයෙන් කතා කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට සුදුසු තැනැත්තෙක් බවත් ඔහුට ජන ප්‍රසාදයක් ඇති බවත් ජනාධිපතිවරයා එම සමීපතම හිතවතුන් සමඟ පවසා ඇති බව සඳහන්.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ඇති බාධා ඉවත් කළ යුතු බවටද ජනාධිපතිවරයා ඉඟි කර ඇති බවයි වාර්තා වූයේ.

ජනාධිපතිවරයාගේ එම කතාවෙන පසු මෛත්‍රී විරෝධීන් මෙන්ම සජිත් විරෝධීන්ද අනියත බියකින් පසුවන බවයි වාර්තා වන්නේ