සජිත් සංගා වගේ පහර දීමට සූදානම් - රවී දැවී යාවිද?

සජිත් සංගා වගේ පහර දීමට සූදානම් - රවී දැවී යාවිද?

19 April 2019 04:50 pm

මේ වසරේදී තමන්ගේ බලාපොරොත්තුව දේශපාලන ක්ෂේත්‍රයේ පිට පිටම හයේ පහරවල් රැස්කිරීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලුණුගම්වෙහෙර කැන්දගස්මන්කඩ ප්‍රදේශයේ ඉදිකිරිමට නියමිත කුමාර සංග්ගක්කාර ගමට මුල්ගල තැබිමේ උත්සවයට එක්වෙමිනි.

"මමත් කුමාර සංගක්කාර මැතිතුමාව හොඳින් අනුගමනය කරනවා. අවශ්‍ය වෙලාවට ආරක්ෂාකාරීව තට්ටු පහරවල් ගසනවා. තවත් වෙලාවකට හතරේ පහර ගහනවා. තවත් වෙලාවකා හයේ පහරගහනවා. තවත් අවස්ථාවක රිවස් ස්විප් එකත් ගහනවා. තවත් අවස්ථාවක පන්දුව පොඩ්ඩක් යන්නට ඉඩදී ලේට් කට පහරත් ගහනවා."මම ඔබලාට කියන්න කැමති මේ අවුරුද්දේ මගේ බලාපොරොත්තුව දේශපාලන ක්ෂේත්‍රයේ පිට පිටම හයේ පාරවල් ගහන්න.

තමන් කුමාර් සංගක්කාර අනුගමනය කරන අතර පහර දියයුතු අවස්ථාවේ පහර දීම මෙන්ම ආරක්ෂාකාරී ලෙස හැසිරීමටද තමන් දන්නා බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කළේය.

රවී - සජිත් ද්වන්ද සටන හිතන තරම පහසුවෙන් වළක්වා ගැනීමට නොහැකි බව දැන් සජිත් ප්‍රේමදාස මහතා ඉඟි කර තිබේ. රවී කරුණානායක මහතාද පසු බැසීමට සූදානම් නැත. පසුගිය කාලය පුරා රවී කරුණානායක මහතා අවධාරණය කරමින් සිටියේ පසුගිය කාලයේ එල්ල වූ චෝදනාවලට සිය පක්ෂ තුළින් තමන්ට සාධාරණය ඉටු නොකළ බවයි. එහෙත් මේ වන විට එක්සත් ජාතික පක්ෂය සිටින්නේ පඹගාලකය. එක පැත්තකින් මැතිවරණ නමාවලිය තුළ ඔවුන්ගේ හැසිරීම සහ අනෙක් පැත්තෙන් එජාපයේ ඊළඟ නායකත්වය කවුද යන්නයි.

 ASK