'දශක තුනක මාතර කතාව' ඡායාරූප ප්‍රදර්ශනය අද - Lanka News Web (LNW)

'දශක තුනක මාතර කතාව' ඡායාරූප ප්‍රදර්ශනය අද

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් උත්සවය කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
'දශක තුනක මාතර කතාව' නම් වූ ඡායාරූප ප්‍රදර්ශනය අද (20)  උදෑසන 9.00 ට ආරම්භ වන්නේ මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේදීය. ප්‍රදර්ශනය දින දෙකක් පුරා පැවැත්වෙයි.
 
මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවිය අලළා පැවැත්වෙන විශේෂ උත්සවය 21 වැනිදා පස්වරු 3.00ට රුහුණ විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේදී ආරම්භ වෙයි. හිටපු මුදල් අමාත්‍යවරයකු වන රොනී ද මැල් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී මංගල සමරවීර මහතාගේ දිවියේ රසමුසු තැන් අලළා නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් රචිත “මංගල සමරවීර” කෘතිය එළි දැක්වීමද සිදු කෙරේ.
 
අමාත්‍යවරයාගේ දශක තුනක දේශපාලන ගමන්මග පිළිබඳ ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසිනි. මෙම අවස්ථාවට විද්වතුන්, කලාකරුවන්, මංගල සමරවීර මහතාගේ දේශපාලන හිතවතුන් ඇතුළු මාතර දිස්ත්‍රික් ජනතාව සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

මැයි 21, 2019

මිනුවන්ගොඩ සංහිඳියාවට ගිනි තැබූ කළු මැයි ජාතිවාදය

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු සිදුවෙමින් පවතින සිද්ධි දාමය අවසන් ඉමකට පැමිණ…

මැයි 21, 2019

මහනුවර පාසල්වල දරුවන්ගේ පැමිණීම යථාතත්ත්වයට (VIDEO)

ආරක්ෂාව තහවුරු වී ඇතැයි ආණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාසල් සඳහා දරු දැරියන්ගේ පැමිණීම මේ වන විට…

මැයි 21, 2019

බදූර්දීන්ට එරෙහි විශ්වාස භංග විවාදයට ළඟම දිනයක් දෙන්න සූදානම් - කිරිඇල්ල

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙහි මූලිකම කරුණක් වන දිනය…

මැයි 21, 2019

ඥානසාර හිමි නිදහස් කරන්න අපි ජනපතිට සතියක් කල්දීලා තියෙනවා

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් ලබන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb