ආයෙත් හොරකම් කරන්නෙ නෑ ඉඩ ලැබුණොත් - ගෝඨා

ආයෙත් හොරකම් කරන්නෙ නෑ ඉඩ ලැබුණොත් - ගෝඨා

21 April 2019 01:54 am

මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය පාලන සමය තුළ එම රජයට බොහෝ දූෂණ චෝදනා එල්ල වූ බවත් එය නිවැරදි කරගත යුතු තත්වයක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

එහෙයින් ඉදිරි පාලනයක් තුළ රජයේ ඉහළම පුද්ගලයාගේ සිට පහළම නිලධාරියා දක්වා දූෂණයෙන් තොර පාලනයක් ගෙන යා යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) දෙහිවලදී පැවති එළිය සම්මන්ත්‍රණයක් අමතමිනි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ද විශාල වශයෙන් දූෂණ චෝදනා එල්ල වී තිබේ. ඒ අතරින් මිග් යානා ගෙන්වීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 8ක පමණ මුදලක් වංචා කිරීම, ඇවන්ට්ගාඩ් වංචාව සහ සිය දෙමාපියන් සඳහා සොහොන් කොත් ඉදිකිරීමට රජයේ මුදල් අවභාවිතා කිරීම වැනි චෝදනා ඉදිරියෙන්ම පවතින අතර සොහොන් කොත් නඩුව දැනට අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතී.

RN