සජිත් පස්ස දොරෙන් එනවා නම් අපිත් විරුද්ධයි - මරික්කාර්

සජිත් පස්ස දොරෙන් එනවා නම් අපිත් විරුද්ධයි - මරික්කාර්

21 April 2019 02:14 am

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නියමිත ක්‍රමවේදයට පිටින් පස්සා දොරින් පැමිණ තනතුරු ලබාගැනීමට උත්සාහ දරන්නේ නම් තමන්ටත් ඊට එරෙහි වීමට සිද්ධ වන බව එජාප පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

 

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතා පස්සා දොරින් පැමිණ තනතුරු ගනීවියැයි තමන් විශ්වාස නොකරන බවයි මරික්කාර් මහතා සඳහන් කළේ.

ඉදිරි මැතිවරණයකින් අලුත් පාර්ලිමේන්තුවක් පත්වන තුරු අග්‍රාමාත්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාම බව පැවසූ මරික්කාර් මහතා එය වෙනස් කළ නොහැකි බවත් අවධාරණය කළේය.

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. යළි දේශපාලන පෙරළියක් සිදු කරමින් සජිත් ප්‍රේමදාස මහතාව අගමැති තනතුරට පත් කිරීමේ සූදානමක් පිළිබඳව පුවත් දේශපාලන ක්ෂේත්‍රය තුළ වේගයෙන් පැතිර යමින් පවතී.

RN