අයියට බැරිනම් මල්ලිට. එයාට බැරිනම් නෝනට. එංගලන්ත රජ පවුලද මේ ?? - වෙල්ගමගෙන් දැඩි ප්‍රහාරයක් ! - Lanka News Web (LNW)

අයියට බැරිනම් මල්ලිට. එයාට බැරිනම් නෝනට. එංගලන්ත රජ පවුලද මේ ?? - වෙල්ගමගෙන් දැඩි ප්‍රහාරයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මහින්ද රාජපක්ෂ මහතාට පසුව සිටින ජ්‍යේෂ්ඨතම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

 

තමන් ජනාධිපති තනතුරට පත් වුවහොත් මාස හයක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවත් එහි කතා දෙකක් නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය.

එසේම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ "මහත්තයට බැරිනම් අයියට. අයියට බැරිනම් මල්ලිට. මල්ලිට බැරිනම් අනිත් මල්ලිට. එයාට බැරිනම් නෝනට. නෝනට බැරිනම් තවත් අයියා කෙනෙක් හිටියා. පුතාට බෑ .... එංගලන්තෙ රජ පවුලද මෙහෙ තියෙන්නෙ ?" යනුවෙනි.

ජනාධිපතිවරණයකදී රටම ක්‍රියාත්මක වන්නේ එකම ඡන්ද කොට්ඨාශයක ආකාරයෙන් බව සිහිපත් කළ ඒ මහතා ඉන් ජයග්‍රහණය කිරීම සඳහා තම පක්ෂයට දැනට ඇති බහුතර බලය ප්‍රමාණවත් නොවන බව ද පෙන්වා දුන්නේය. එසේ ජයග්‍රහණය කිරීමට නම් තමන්ට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ද අවශ්‍ය වන බවයි ඒ මහතා සඳහන් කළේ.

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (20) අගලවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

RN

නවතම පුවත්

මැයි 21, 2019

මිනුවන්ගොඩ සංහිඳියාවට ගිනි තැබූ කළු මැයි ජාතිවාදය

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු සිදුවෙමින් පවතින සිද්ධි දාමය අවසන් ඉමකට පැමිණ…

මැයි 21, 2019

මහනුවර පාසල්වල දරුවන්ගේ පැමිණීම යථාතත්ත්වයට (VIDEO)

ආරක්ෂාව තහවුරු වී ඇතැයි ආණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාසල් සඳහා දරු දැරියන්ගේ පැමිණීම මේ වන විට…

මැයි 21, 2019

බදූර්දීන්ට එරෙහි විශ්වාස භංග විවාදයට ළඟම දිනයක් දෙන්න සූදානම් - කිරිඇල්ල

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙහි මූලිකම කරුණක් වන දිනය…

මැයි 21, 2019

ඥානසාර හිමි නිදහස් කරන්න අපි ජනපතිට සතියක් කල්දීලා තියෙනවා

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් ලබන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb