මේ ආණ්ඩුව බැංකු කොල්ලකෑවා කියලා සජිත් ප්‍රසිද්ධියේම කිව්වා. ඊට වඩා මොනවද ? - Lanka News Web (LNW)

මේ ආණ්ඩුව බැංකු කොල්ලකෑවා කියලා සජිත් ප්‍රසිද්ධියේම කිව්වා. ඊට වඩා මොනවද ?

වත්මන් ආණ්ඩුව බැංකු මංකොල්ල කෑ බවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ බවත් එසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේම නියෝජ්‍ය නායකයා බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. "ඉතිං ඊටත් වඩා තවත් මොනවද ?" යනුවෙන් ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.

 

එක්සත් ජාතික පක්ෂයෙහි දේශපාලනඥයින්ගේ සටන වී ඇත්තේ නායකත්වයට කුළල් කාගැනීම සහ කුමන්ත්‍රණ කරමින් නායකත්වයට පැමිණීමට උත්සාහ කිරීම බව පැවසූ ඒ මහතා ඔවුන් ජනතාවගේ වුවමනාවන් ඉටු නොකරන බවටයි චෝදනා කළේ.

එසේම පළාත් සභා මැතිවරණය ඇතුළු මැතිවරණ ආණ්ඩුව විසින් ප්‍රමාද කරමින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම බවත් එහෙයින් මේ මැතිවරණ පවත්වන්නැයි ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) නුවර එළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

RN

නවතම පුවත්

මැයි 21, 2019

මිනුවන්ගොඩ සංහිඳියාවට ගිනි තැබූ කළු මැයි ජාතිවාදය

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු සිදුවෙමින් පවතින සිද්ධි දාමය අවසන් ඉමකට පැමිණ…

මැයි 21, 2019

මහනුවර පාසල්වල දරුවන්ගේ පැමිණීම යථාතත්ත්වයට (VIDEO)

ආරක්ෂාව තහවුරු වී ඇතැයි ආණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාසල් සඳහා දරු දැරියන්ගේ පැමිණීම මේ වන විට…

මැයි 21, 2019

බදූර්දීන්ට එරෙහි විශ්වාස භංග විවාදයට ළඟම දිනයක් දෙන්න සූදානම් - කිරිඇල්ල

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙහි මූලිකම කරුණක් වන දිනය…

මැයි 21, 2019

ඥානසාර හිමි නිදහස් කරන්න අපි ජනපතිට සතියක් කල්දීලා තියෙනවා

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් ලබන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb