කොච්චිකඩේ පල්ලිය තුළ තවත් මළ සිරුරු

කොච්චිකඩේ පල්ලිය තුළ තවත් මළ සිරුරු

21 April 2019 06:57 am

අද පෙරවරුවේ කොළඹ කොච්චිකඩේ පල්ලියට එල්ල වු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු තවමත් පල්ලිය ඇතුළත තිබෙන බවයි වාර්තා වන්නේ. මේ වනවිට පල්ලිය වසා දමා ආරක්ෂක අංශ රැකවල් ලා සිටී.
 
පල්ලිය තුළ මළ සිරුරු 25 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවයි වාර්තා වන්නේ. තවත් පුද්ගලයන් 80 කට වැඩි පිරිසක් මේ වනවිට රෝහල්ගත කර තිබේ.
 
6
 
පල්ලියේ ඉදිරිපස ප්‍රධාන ඔරලෝසුව බෝම්බ ප්‍රහාරයත් සමගින් අක්‍රිය වී ඇති අතර එහි වේලාව සටහන් වන්නේ 08.45 ලෙසයි.
 
මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොච්චිකඩේ පල්ලිය වෙත පැමිණ සිටිනු දක්නට ලැබිණි.
 
සේයා රූ - අජිත් සෙනෙවිරත්න
 
{gallery}Kochchikade Church{/gallery}