කටකතා සහ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින්න - ජනපති

කටකතා සහ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින්න - ජනපති

21 April 2019 07:04 am

අනවශ්‍ය කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී හැකිතාක් සන්සුන්ව මෙම අවස්ථාවට මුහුණ දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටී.

 

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම ජනතාව වෙත ඉදිරිපත් කළේ අද (21) උදෑසන සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

"කිසි විටෙක බලාපොරොත්තු නොවු සිදුවීමක් සිදු වී තිබෙනවා. මා මෙන්ම ලක් වැසි සියලු දෙනාම දැඩි ලෙස වේදනාවට සහ කම්පනයට පත්ව සිටිනවා. මෙම ප්‍රහාර පිටුපස ඇත්තේ කුමන කුමන්ත්‍රණයක්ද යන්න තවම පැහැදිලි නැහැ. මේ පිළිබඳව සෙවීම සඳහා ආරක්ෂක අංශ වට උපදෙස් ලබා දී තිබෙනවා. ඔවුන් මේ වන විට ඒ අනුව ක්‍රියාත්මක වෙනවා.

ජනතාවට සන්සුන්ව සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. අනවශ්‍ය කටකතා වලට රැවටෙන්න එපා. කිසිදු අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. රජය මේ සම්බන්ධ පියවර‍ රැගෙන තිබෙනවා. එම වගකීම් සියල්ලම ඉටු කරනවා." යනුවෙන් ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේය.

RN