විදේශිකයන් 09 ක් මිය ගිහින්, තුවාලකරුවන් 400 ඉක්මවයි - Lanka News Web (LNW)

විදේශිකයන් 09 ක් මිය ගිහින්, තුවාලකරුවන් 400 ඉක්මවයි

අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03 කට එල්ල වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් විදෙස් ජාතිකයන් 09 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
 
තහවුරු කළ ආරංචි මාර්ගවලට අනුව මේ වනවිට මියගිය පුද්ගලයන් ගණන 138 ක් වන අතර තුවාල ලැබු පුද්ගලයන් ප්‍රමාණය 402 කි.
 
අද උදෑසන සිදු වු පිපිරිම්වලින් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මළ සිරුරු  42 ක්, මීගමුව රෝහලේ මළ සිරුරු 62 ක් මඩකලපුව රෝහලේ  සිරුරු 27 ක් සහ රාගම රෝහලේ මළ සිරුරු 07 ක් ඇති බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ  අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.
 
මේ අතර කොළඹ අගරදගුරු නිවසට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති අතර කොළඹ ස්ථාන රැසක සෝදිසි කිරීම් සිදු කරමින් තිබේ.
 
පවත්නා අනාරක්ෂිත තත්වය හේතුවෙන් හෙට දිනයේ ආරම්භවීමට නියමිතව තිබී 2019 දෙවැනි පාසල් වාරය තවත් දින දෙකකින් ප්‍රමාද කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. 

නවතම පුවත්

මැයි 19, 2019

ආනයනික ලොකු ළූණු බදු ඉහළට

ආනයනික ලොකු ළූණු සඳහා පනවන බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මැයි 19, 2019

අන්තවාදී ත්‍රස්තයින් සියලු දෙනා අත්අඩංගුවේ

ගත වූ මාසයකට ආසන්න කාලය තුළ රට තුළ සිටි ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට…

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb