සමාජ මාධ්‍ය ජාල අවහිර කෙරේ. සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය

සමාජ මාධ්‍ය ජාල අවහිර කෙරේ. සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය

21 April 2019 09:36 am

අද (21) සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

 

හෙට (22) උදෑසන 6.00 දක්වා මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති.

එසේම හෙට සහ අනිද්දා (22 , 23) දෙදින පාසල් නිවාඩු දින ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම සිදුව ඇති පිපිරීම් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අවසන් වන තුරු, සාවද්‍ය ප්‍රවෘත්ති හුවමාරු වීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට ද රජය විසින් තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව ෆේස්බුක්, වට්ස් ඇප්, යූ ටියුබ් ඇතුළු සියලුම සමාජ මාධ්‍ය ජාලවලට පිවිසීම මේ වනවිට අවහිර කර තිබේ. 

RN