පිපිරවීම් බහුතරයක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර. මරණ සංඛ්‍යාව 207ක්

පිපිරවීම් බහුතරයක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර. මරණ සංඛ්‍යාව 207ක්

21 April 2019 12:23 pm

අද දිනයේ දිවයිනේ ස්ථාන 08ක සිදුවූ පිපිරවීම් අතරින් බහුතරයක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බවට හඳුනාගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

 

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම පිපිරීම් නිසා මියගිය සංඛ්‍යාව 207ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එසේම තුවාලකරුවන් 450කට ආසන්න ප්‍රමාණයක් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඒ අනුව මේ වනවිට මීගමුව රෝහලේ මළ සිරුරු 111ක්, කොළඹ ජාතික රෝහලේ මළ සිරුරු 62ක්, මඩකලපුව රෝහලේ මළ සිරුරු 28ක්, රාගම රෝහලේ මළ සිරුරු 07ක් සහ කළුබෝවිල රෝහලේ මළ සිරුරු 02ක් වශයෙන් තැන්පත් කර ඇති බව පැවසේ.

RN