පුපුරණ ද්‍රව්‍ය කොළඹට ගෙනා බවට සැක වෑන් රථයක් අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය කොළඹට ගෙනා බවට සැක වෑන් රථයක් අත්අඩංගුවට

21 April 2019 02:45 pm

අද (21) දිනයේ සිදු කළ බෝම්බ පිපිරවීම් සඳහා පුපුරණ ද්‍රව්‍ය කොළඹට ගෙන ආ බවට සැකපිට වෑන් රථයක් වැල්ලවත්ත ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

 

එම වෑන් රථය සමඟ එහි රියදුරු ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

එසේම මෙම ප්‍රහාර සම්බන්ධ කටයුතු සඳහා භාවිතා කළ බව කියන පානදුර ප්‍රදේශයේ නිවසක් පිළිබඳව ද තොරතුරු හෙළිකරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

RN