ජලයට වස මිශ්‍ර වී ඇති පුවත අසත්‍යයක් - ඇමති තහවුරු කරයි - Lanka News Web (LNW)

ජලයට වස මිශ්‍ර වී ඇති පුවත අසත්‍යයක් - ඇමති තහවුරු කරයි

රාගම, ජා-ඇල, කඳාන යන කතෝලිකයන් බහුලව වෙසෙන ප්‍රදේශවල ජලයට වස මිශ්‍ර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව විෂය භාර අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

 මේ වන විට අරලියගහ මන්දිරයේ කැබිනට් මණ්ඩලය විසින්  පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සිය නිලධාරීන් කැඳවා විශේෂ දැනුවත් කිරීමක් කර ඇති අතර සියලුම ප්‍රදේශවලට ආරක්ෂිතව ජලය බෙදාහරින ක්‍රමවේදයක් සකස් කර ඇති අතර ඒ අනුව සාමාන්‍ය පරිදි ජලය බෙදාහැරෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ජලයට වස මිශ්‍ර කර ඇති බවට පළවූ වාර්තාව හිතාමතා සිදුකර ඇති කටකතාවක් බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ASK

 

නවතම පුවත්

මැයි 19, 2019

ආනයනික ලොකු ළූණු බදු ඉහළට

ආනයනික ලොකු ළූණු සඳහා පනවන බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මැයි 19, 2019

අන්තවාදී ත්‍රස්තයින් සියලු දෙනා අත්අඩංගුවේ

ගත වූ මාසයකට ආසන්න කාලය තුළ රට තුළ සිටි ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට…

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb