අපි කිව්වා සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න කියලා - ඇහුවේ නැහැ - Lanka News Web (LNW)

අපි කිව්වා සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න කියලා - ඇහුවේ නැහැ

අභ්‍යන්තර කටයුතු සියල්ල දැන්වත් එක් තැනකට ඒකරාශී කළයුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

 ඒ සම්බන්ධයෙන් තම පක්ෂය පෙර සිටම අවධාරණය කළ අතර නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතා යටතට පත් කළ යුතු බවට කියා සිටියේ ඒ අනුව බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නමුත් එවැනි ක්‍රියාමාර්ග නොගත් බවයි ඔහු පෙන්වාදුන්නේ.

කෙසේවෙතත් සිදුව ඇති අඩුපාඩු පිළිබඳ විමසිය යුතු බව අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම මෙම සිදුවීමත් සමඟ ඇතැමුන් අන්තවාදීව බොරදියේ මාළු බෑමට සූදානම් වන අතර රජය ලෙසත්, දේශපාලනඥයින් ලෙසත්, මාධ්‍ය ලෙසත් ඉඩදිය යුතු නැතැයි හෙතෙම පැවසුවේය.

මේ අතර ආරක්ෂක කවුන්සිලයේ දැනුම් දීම අනුව එජාප මැයි රැළියද අවලංගු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ අද (22) අරලිය ගහ මන්දිරයේදී කැබිනට් ඇමතිවරුන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ASK

 

 

නවතම පුවත්

මැයි 19, 2019

ආනයනික ලොකු ළූණු බදු ඉහළට

ආනයනික ලොකු ළූණු සඳහා පනවන බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මැයි 19, 2019

අන්තවාදී ත්‍රස්තයින් සියලු දෙනා අත්අඩංගුවේ

ගත වූ මාසයකට ආසන්න කාලය තුළ රට තුළ සිටි ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට…

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb