බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 9 දෙනෙක් රිමාන්ඩ් - Lanka News Web (LNW)

බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 9 දෙනෙක් රිමාන්ඩ්

ඊයේ දිනයේ සිදු කෙරුණු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් නව දෙනෙකු මැයි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

 

මෙම සැකකරුවන් පිරිස ඊයේ දිනයේ කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවට සැකකරන පුද්ගලයාට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක සේවය කළ පිරිසකි.

ඊයේ දිනයේ සෝදිසි කටයුත්තක් සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී මියගිය කාන්තාවන් දෙදෙනා ද මෙම කර්මාන්තශාලාවේ හිමිකරුවන් බව පැවසෙන අතර ඔවුන් දෙදෙනා ෂැංග්‍රි-ලා බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයාගේ බිරිඳ සහ සොහොයුරියක් වන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම කර්මාන්තශාලාවේ සේවක පිරිස ඉහත කී සැකකරුවන් සමඟ එක්ව බෝම්බ ප්‍රහාර සඳහා දායක වී තිබේදැයි සොයා බැලීම සඳහා අත් අඩංගුවට ගත් බව අධිකරණයට පැවසූ වැල්ලම්පිටිය පොලිසිය ඉල්ලා සිටියේ විමර්ශන කටයුතු සඳහා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඔවුන්ගේ දුරකථන ඇමතුම් විස්තර වාර්තාවක් ලබාගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම් පිළිගනිමින් සැකකරුවන් ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් අදාළ දුරකථන විස්තර වාර්තාවක් කැඳවීමටත් නියෝග කළේය.

RN

නවතම පුවත්

මැයි 21, 2019

මිනුවන්ගොඩ සංහිඳියාවට ගිනි තැබූ කළු මැයි ජාතිවාදය

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු සිදුවෙමින් පවතින සිද්ධි දාමය අවසන් ඉමකට පැමිණ…

මැයි 21, 2019

මහනුවර පාසල්වල දරුවන්ගේ පැමිණීම යථාතත්ත්වයට (VIDEO)

ආරක්ෂාව තහවුරු වී ඇතැයි ආණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාසල් සඳහා දරු දැරියන්ගේ පැමිණීම මේ වන විට…

මැයි 21, 2019

බදූර්දීන්ට එරෙහි විශ්වාස භංග විවාදයට ළඟම දිනයක් දෙන්න සූදානම් - කිරිඇල්ල

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙහි මූලිකම කරුණක් වන දිනය…

මැයි 21, 2019

ඥානසාර හිමි නිදහස් කරන්න අපි ජනපතිට සතියක් කල්දීලා තියෙනවා

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් ලබන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb