කොළඹ පෞද්ගලික බස් නැවතුමේ තිබී ඩෙටර්නේටර්ස් 87ක් සොයා ගැනේ

කොළඹ පෞද්ගලික බස් නැවතුමේ තිබී ඩෙටර්නේටර්ස් 87ක් සොයා ගැනේ

22 April 2019 10:31 am

අද දින සිදුකරන ලද සෝදිසි කිරීම් වලදී කොළඹ පෞද්ගලික බස් නැවතුමේ තිබී බෝම්බ සෑදීමට ගන්නා ඩෙටර්නේටර්ස් 87ක් සොයා ගෙන තිබේ.

 එමෙන්ම කොච්චිකඩේ දේවස්ථානය අසලද නවතා තිබූ මෝටර් රථයක තිබී ඩෙටර්නේටර්ස් සොයා ගෙන ඇති බව සඳහන්.

එම ස්ථනයේ රැඳී සිටින අප වාර්තාකරු සඳහන් කළේ දේවස්ථානය අසල රැඳී සිටි මාධ්‍යවේදීන් ඇතුළු පිරිස් එම ආසන්නයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවයි.

ඒ අනුව දිවයින් පුරා තවදුරටත් සෝදිසි කිරීම් සිදුවන අතර අද රාත්‍රී 08 සිට උදෑසන 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටද රජය තීරණය කර ඇත.

එමෙන්ම ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමටද රජය තීරණය කර තිබේ.