ඩෙන්මාර්කයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ASOS හිමිකරුගේ දරුවන් තිදෙනෙකු ශැංග්‍රිලා බෝම්බයට ගොදුරු වෙයි - Lanka News Web (LNW)

ඩෙන්මාර්කයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ASOS හිමිකරුගේ දරුවන් තිදෙනෙකු ශැංග්‍රිලා බෝම්බයට ගොදුරු වෙයි

ඩෙන්මාර්කයේ ප්‍රකෝටිපතියෙකු වන ව්‍යාපාරික Holch Povlsen මහතාගේ දරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකුම ඊයේ (21) ශැංග්‍රිලා හෝටලයේ සිදු වූ මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගොස් තිබේ.

 

මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා BBC ලෝක සේවය වෙත තහවුරු කර තිබේ.

පාස්කු නිවාඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ ඇති Holch Povlsen නවතන ගෙන ඇත්තේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේය.

Holch Povlsen ලොව ප්‍රචලිත ASOS ජාත්‍යන්තර රෙදිපිළි වෙළෙඳ ජාලයේ තනි හිමිකරුය. මේ අතර එක්සත් රාජධානියේ පෞද්ගලික විශාලතම ඉඩම් හිමියා ලෙසද ඔහු සැලකෙයි.

මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් Holch Povlsen මහතාද විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර ඇති අතර ඔහුගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් එම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමක් කර නැත.

ඔහු ස්කොට්ලන්තයේ විශාල දෙපලක්ද හිමි සාර්ථක ව්‍යාපාරිකයෙකි. පරිසර සංරක්ෂණය කෙරෙහිද විශාල අවධානයකින් කටයුතු කළ තැනැත්තෙකු බව දැක්වෙයි.

ඊයේ (21) සිදුවූ බෝම්බ ප්‍රහාරයන්ගෙන් විදේශිකයන් 36 දෙනෙකු මිය ගොස් ඇති බවයි පොලිස් සඳහන් කරන්නේ.

නවතම පුවත්

මැයි 19, 2019

ආනයනික ලොකු ළූණු බදු ඉහළට

ආනයනික ලොකු ළූණු සඳහා පනවන බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මැයි 19, 2019

අන්තවාදී ත්‍රස්තයින් සියලු දෙනා අත්අඩංගුවේ

ගත වූ මාසයකට ආසන්න කාලය තුළ රට තුළ සිටි ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට…

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb