කල්මුනේ තවත් පිපිරීම් දෙකක් !

කල්මුනේ තවත් පිපිරීම් දෙකක් !

26 April 2019 02:27 pm

මීට ස්වල්ප වේලාවකට පෙර කල්මුනේ දකුණ සයින්දමරුදු ප්‍රදේශයේදී පිපිරීම් දෙකක් සිදුව ඇති බව අපවෙත වාර්තා වේ.
 
ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් මත පොලීසිය විසින් එම ප්‍රදේශයේ හදිසි සෝදිසි කිරීමක් සිදු කර ඇති අතර එක් පිපිරීමක් සිදුව ඇත්තේ ඒ අතරතුරයි. මීගමුවේ සිට එම ප්‍රදේශයට පිපිරීම් ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටින බවයි ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරු හරහා වාර්තා වී ඇත්තේ.
 
මෙම පිපිරීම් අතරතුර පොලීසිය හා තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් ද සිදුව තිබේ.
 
මීට අමතරව අනෙක් පිපිරීම සිදුව ඇත්තේ එම ප්‍රදේශයේ හමුදා මුරපොළක් ආශ්‍රිතවයි.
 
මෙම පිපිරීම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.