ඩෑන් ප්‍රියසාද් CCD අත්අඩංගුවේ

ඩෑන් ප්‍රියසාද් CCD අත්අඩංගුවේ

14 May 2019 12:14 pm

පසුගිය දිනවල සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන සුරේෂ් ප්‍රියසාද් හෙවත් ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නව සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රධානියා වන ඩෑන් ප්‍රියසාද්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් පිරිසක් ඩෑන් ප්‍රියසාද් පදිංචි කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසට ගොස් ඇති අතර කෙසේ වෙතත් ඒ අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැත.

පසුව නීතිඥයෙකු සමග ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර ප්‍රචණ්ඩකාරී ගැටුම් සම්බන්ධයෙන් මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ සහ දූෂණ විරෝධී බලකායේ ප්‍රධානී නාමල් කුමාර ද පොලිස් අත්අඩංගුවට පත්විය.