අරුතක් නැති ප්‍රචණ්ඩත්වය සහ වැනසීම නවතා දමන්න (VIDEO)

අරුතක් නැති ප්‍රචණ්ඩත්වය සහ වැනසීම නවතා දමන්න (VIDEO)

14 May 2019 02:41 pm

අරුතක් නැති ප්‍රචණ්ඩත්වය සහ වැනසීම නවතා දමන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව කොළඹ දියෝකීසයේ (අංග්ලිකානු) සහ ලංකා සභාවේ සභාපති ඩිලෝරාජ් කනගසබේ රදගුරුතුමන් පැවසූහ.

 රදගුරුතුමන් මේ බව සඳහන් කළේ අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඇතැම් විනාශකාරී,ප්‍රචණ්ඩ හා අනුවණ කිහිපදෙනෙකුගේ ක්‍රියාවන් නිසා අප රටේ මුස්ලිම් ජනතාවට ලේ වැගිරීම්,ශරීර හානි හා හිත් රිදීම්වලට මුහුණ දීමට සිදු වී ඇති බව රදගුරුතුමන් ප්‍රකාශ කළහ.

නීතිය කිසිසේත්ම අනුමත නොකරන අතර පැරණි අත්දැකීම් පසුබිම මත ඔවුන්ව ආරක්ෂා කිරීමට කවුරුත් නොමැති යැයි සිතන විට මුස්ලිම් ප්‍රජාව තමන්ව තම බිරින්දෑවරුන්ව,තම මව්වරුන්ව,තම සහෝදරියන්ව සහ තම දරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම පුදුමයක් නොවන බවද ඩිලෝරාජ් කනගසබේ රදගුරුතුමන් කියාසිටියහ.

මේ අතර සෑම පුරවැසියෙකුගේම ජීවිත හා දේපොළ සුරැකීම සඳහා පක්ෂ භේදයකින් තොරව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

DNP