ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයත් CID ප්‍රධානියා යටතට - Lanka News Web (LNW)

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයත් CID ප්‍රධානියා යටතට

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතට පවරා තිබේ.

 

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් සේවා අවශ්‍යතා මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

අවංකභාවය සහ දක්ෂතාවය සම්බන්ධයෙන් කීර්තිමත් සේවා ඉතිහාසයක් ඇති රවී සෙනවිරත්න මහතා මීට අමතරව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ (FCID) ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.

මෙසේ ප්‍රධානතම පොලිස් කොට්ඨාශ තුනක් එකම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතට පැවරෙන්නේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවටය. 

RN

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb