මැයි 20 රජයේ නිවාඩු දිනයක් වෙයි

මැයි 20 රජයේ නිවාඩු දිනයක් වෙයි

15 May 2019 10:12 am

මැයි මස 20 වන සඳුඳා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා (18) යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය(19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වන දින රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ලැබුණු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජාතික වෙසක් උත්සවයට සමගාමීව සියලුම බෞද්ධ විහාරස්ථාන ඇතුළු රට පුරා පැවැත්වෙන වෙසක් උත්සව වඩාත් සාර්ථකව පවත්වා ගෙන යාමට මෙම තීරණය ගෙන තිබේ.