පාස්කු ප්‍රහාරය: අත්අඩංගුවේ පසුවන මෘදුකාංග ඉංජිනේරු අදීල් අමීස්ගේ ISIS සබඳතා හෙළිවෙයි  - Lanka News Web (LNW)

පාස්කු ප්‍රහාරය: අත්අඩංගුවේ පසුවන මෘදුකාංග ඉංජිනේරු අදීල් අමීස්ගේ ISIS සබඳතා හෙළිවෙයි 

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු අදීල් අමීස් එම ප්‍රහාරයේ බෝම්බකරුවන්ට තාක්ෂණික සහය ලබා දී ඇති බවත් ඔහු වසර තුනක කාලයක පමණ සිට ISIS  ත්‍රස්ත සබඳතා පවත්වා ඇතැයි අනාවරණ වන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
 ඉන්දීය බුද්ධි අංශ විසින් එම ත්‍රස්ත සබඳතා පිළිබඳව විමර්ශනය  බවයි එම විදෙස් වාර්තාව සඳහන් කරන්නේ. 
 
24 හැවිරිදි මෙම සැකකරු බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල කිහිපයක උසස් අධ්‍යාපනය හැදෑරු කෙනෙකි.
 
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පාර්ශ්ව දෙක වන ජාතික තව්හීද් ජමාත් සංවිධනය හා ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් යන තහනම් සංවිධාන දෙක අතර සම්බන්ධ කිරීම ඔහු විසින් කර ඇති බව සඳහන්. 
 
පසුගිය 25 වැනිදා ඔහු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ලැබිණි.
 
කෙසේවෙතත් සිය පුත්‍රයාට එරෙහි මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඔහුගේ පියා ප්‍රකාශ කර තිබේ.
 
ASK
 

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb