ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස් - Lanka News Web (LNW)

ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස්

කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) මඟින් අත් අඩංගුවට ගෙන සිටි ඩෑන් ප්‍රියසාද් නමැත්තාව ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියම කළේය.

 

පසුගිය 13 වනදා මීතොටමුල්ල ප්‍රදේශයේදී මුස්ලිම් ජාතිකයකුට බැනවැදී තර්ජනය කළ බවට චෝදනා කරමින් පොලිසිය විසින් ඔහුව කොළඹ අතිරේක මහේස්‍ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට පමුණුවා තිබුණු අතර ඔහුගේ නීතීඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ මෙය ඇප ලබාදිය හැකි වරදක් බැවින් ඔහුව ඇප මත නිදහස් කරන ලෙසයි.

ඒ අනුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කළ මහේස්ත්‍රාත්වරයා සෑම ඉරිදා දිනකම උදෑසන 9.00 - 12.00ත් අතර කොළඹ අපරාධ කොට්ඨාශයේ පෙනී සිටින ලෙස ද ඔහුට නියෝග කළේය.

එසේම, ජාතීන් අතර සුහදතාවය කඩාකප්පල් වන ආකාරය කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ද සැකකරු වෙත තවත් ඇප කොන්දේසියක් පනවනූ ලැබීය.

සුරේෂ් ප්‍රියසාද් නොහොත් ඩෑන් ප්‍රියසාද් යනු සිංහල අන්තවාදී සංවිධාන සමඟ එක්ව ජාතීන් අතර වෛරය වැපිරෙන ප්‍රකාශ, ක්‍රියා ගණනාවක් සිදු කළ, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මීට පෙර ද අත් අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකි.

RN

නවතම පුවත්

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

මැයි 24, 2019

දිවයිනට වැඩ වරදී. අසත්‍ය පුවත ගැන CIDයෙන් අපරාධ විමර්ශනයක් !

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර…

මැයි 24, 2019

අරාබි භාෂා නාමපුවරු ඉවත් කිරීමට වජිරගෙන් චක්‍රලේඛයක්

රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල අරාබි භාෂාවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කරන ලෙස චක්‍රලේඛයක්…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb