සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දියණිය CID භාරයට

සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දියණිය CID භාරයට

16 May 2019 02:05 am

ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් නම් ඉස්ලාම් අන්තවාදී සංවිධාන නායකයාගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා නමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

 

ඔවුන්ගේ සිව් හැවිරිදි දියණිය ද බාරකරුවකු නොමැති නිසා මව සමඟම රැඳී සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුගිය අප්‍රේල් 26 වනදා කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක් තුළ අන්තවාදීන් විසින් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබා සිටියදී මෙම කාන්තාව සහ දියණිය ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කර තිබිණි.

අම්පාර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔවුන් මීට දින කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහල වෙත මාරුකර එවා තිබුණු අතර එහිදී ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් බවත් ඔවුන්ව එහි සිට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

RN