බදූර්දීන්ට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

බදූර්දීන්ට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

16 May 2019 02:20 am

වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (16) කථානායකවරයාට භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ මූලිකත්වයෙන් සකස් කෙරුණක් වන අතර ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් 60 දෙනෙකු පමණ අත්සන් තබා ඇති බවයි ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් මෙම විශ්වාසභංග යෝජනාවේ දෝෂ පවතින හෙයින් එය දැන්ම ඉදිරිපත් නොකළ යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබාදුන් බවක් ද මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.

කෙසේවෙතත් මෙම විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගැනීම සඳහා දින නියම කරන මෙන් කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බව ද ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

RN