මාකඳුරේ මධුෂ් සැඟවූ ආයුධ පෙන්වයි

මාකඳුරේ මධුෂ් සැඟවූ ආයුධ පෙන්වයි

17 May 2019 01:15 am

පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් සඟවා තැබූ බව කියන ආයුධ කිහිපයක් ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයෙන් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වී ඇති බව වාර්තා වේ.

 

ඩුබායි රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලදුව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින මධුෂ්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම් වලදී හෙළිවූ තොරතුරු මත විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් මෙම ආයුධ සොයාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN