වයඹ - ගම්පහ ජාතිවාදී ප්‍රහාර පසුපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් - කරූ

වයඹ - ගම්පහ ජාතිවාදී ප්‍රහාර පසුපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් - කරූ

17 May 2019 02:17 am

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් දින 21කට පසුව ඇතිවූ ජාතිවාදී ප්‍රචණ්ඩක්‍රියා පසුපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ඇති බවට සැක මතුවන්නේයැයි කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

 

මෙවැනි අදූරදර්ශී ක්‍රියාවන් හේතුවෙන් ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ නිරතව සිටින ආරක්ෂක අංශවල අවධානය වෙනත් දිශාවලට යොමු කිරීමක් ද සිදු කෙරෙන බවයි කථානායකවරයා සඳහන් කළේ.

කථානායක කරූ ජයසූරිය මහතා මේ බව පැවසුවේ මුස්ලිම් ජාතිකයින්ගේ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කෙරුණු මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (16) එක්වෙමිනි.

RN