බදූර්දීන්ට විශ්වාස භංග ගෙනෙන ඒකාබද්ධයේම මත දෙකක් තියෙනවා - දුමින්ද

බදූර්දීන්ට විශ්වාස භංග ගෙනෙන ඒකාබද්ධයේම මත දෙකක් තියෙනවා - දුමින්ද

17 May 2019 02:35 am

වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් එය ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තුළම මත දෙකක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

 

එසේ එම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන පාර්ශ්වය තුළම ඒ පිළිබඳව මත දෙකක් පවතින වාතාවරණයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ තීරණ ගන්නා බවයි ඒ මහතා සඳහන් කළේ.

දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN