ඌව පළාත් සභාව බදුල්ලේ ශාරියා උපාධි ආයතනය තහනම් කරයි

ඌව පළාත් සභාව බදුල්ලේ ශාරියා උපාධි ආයතනය තහනම් කරයි

17 May 2019 03:11 am

ඉරානයේ ඉස්ලාම් විශ්ව විද්‍යාලයක ශාඛාවක් ලෙස බදුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උපාධි ප්‍රදාන ආයතනයක් තහනම් කිරීමේ යෝජනාවකට ඌව පළාත් සභාවේ අනුමැතිය හිමිව තිබේ.

 

පළාත් සභාවේ හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හෝ අනුමැතියක් නොමැතිව පසුගිය වසර අගභාගයේ ආරම්භ කර තිබුණු මෙම විශ්ව විද්‍යාල ශාඛාව පිළිබඳව "බදුල්ලෙන් තවත් ශාරියා විශ්ව විද්‍යාලයක් ? - පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් සම්බන්ධයි" යන පුවතෙන් ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර අනාවරණය කළෙමු.

මෙම "අල් මුස්තාෆා" විශ්ව විද්‍යාල ශාඛාව හේතුවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් එය තහනම් කරන ලෙසටත් අදාල ආයතනය සඳහා රජයේ දේපල ලබා දුන් දමිළ විදුහල් හතරක විදුහල්පතිවරුන් සිව් දෙනා සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගත යුතු බවටත් ඌව පළාත් සභාවේ ද්‍රවිඩ මාධ්‍ය අධ්‍යාපන, වතු යටිතල පහසුකම් සහ මාර්ග අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන් මහතා පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

ඊයේ (16) ඌව පළාත් සභාව රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාව විවාදයට ගෙන ඇති අතර එය සභාව තුළ ඒක ඡන්දයෙන් සම්මත වී ඇතැයි වාර්තා වේ.

RN

සබැඳි පුවත් - 

බදුල්ලෙන් තවත් ශාරියා විශ්ව විද්‍යාලයක් ? - පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් සම්බන්ධයි (VIDEO)