ඔය විශ්වාසභංග ගේන අයම ගිය අවුරුද්දේ බදූර්දීන් පස්සෙන් වැඳ වැඳ ගියේ - රංජන්

ඔය විශ්වාසභංග ගේන අයම ගිය අවුරුද්දේ බදූර්දීන් පස්සෙන් වැඳ වැඳ ගියේ - රංජන්

17 May 2019 03:54 am

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට දැන් විශ්වාසභංග යෝජනා ගෙන එන අයම 2018 ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණ සමයේදී ඔහු ඉදිරියේ වැඳ වැටුණු ආකාරයත් වැඳ වැඳ ලංසු ඉදිරිපත් කළ ආකාරයත් පිළිබඳ තමන් සියල්ල දන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා ඇත්දැයි දැන ගැනීමට තමන් කැමති බවත් ඒ මහතා සඳහන් කළේය.

රටේ සිටින සියළුම ප්‍රධාන දේශපාලන නායකයින් පාහේ සුළු ජාතික දේශපාලනඥයින්ට බය බව පැවසූ රංජන් රාමනායක මහතා ආණ්ඩු හැදීම සඳහා එම දේශපාලන නායකයින් සුළු ජාතික දේශපාලනඥයින් පසුපස යන ආකාරය පසුගිය යුගයේ මනාව දැකගත හැකිවූ බවත් ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදූර්දීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවත් බදූර්දීන් මහතාගෙන්, ඔහුගේ සොහොයුරාගෙන් සහ සොහොයුරියගෙන් මේ වනවිටත් ප්‍රශ්න කර එති බවත් පැවසූ රාමනායක මහතා එම විමර්ශනවලට බලපෑම් එල්ල නොවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පැවසීය.

RN