සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

19 May 2019 03:36 pm

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ මූලික අරමුණ “ශ්‍රී ලංකාව සයිබර් ප්‍රහාර වලින් ආරක්ෂා කිරීමට 2018 වසරේ අග භාගයේදී නව හමුදා ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව” කමාන්ඩර් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශය අභියෝගයට ලක් කිරීමට බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 එම සයිබර් ප්‍රහාරයෙන් වෙබ් අඩවිවල හැඩරුව හා එම වෙබ් අඩවි වල අඩංගු දත්ත වෙනස් කිරීමත්,යම් වෙබ් අඩවි ප්‍රමාණයක් අඩපණ කිරිමත් සිදුව තිබේ.

Tamil Eelam Cyber Force යන කණ්ඩායම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස සයිබර් ප්‍රහාර මාලාවල් 2014 වසරේ සිට මෙම කණ්ඩායම විසින් සිදුකරන බව අනාවරණය වී ඇති අතර පසුගිය 2017 සහ 2018 යන වර්ෂවලදී එම සයිබර් ප්‍රහාරවල වර්ධනයක් දැකගැනීමට හැකි බවත් බොහෝවිට මෙම සයිබර් ප්‍රහාර වලින් වැලකි සිටීමට අදාළ අංශවලින් නිසි පියවර ලබා නොගැනීම නිසා ඉතා පහසුවෙන්ම මෙම සයිබර් ප්‍රහාර එල්ල කිරීමට Tamil Eelam Cyber Force යන කණ්ඩායම පෙළඹී ඇති බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සඳහන් කරයි.

වෙබ් අඩවි 55ක් එම සයිබර් ප්‍රහාරයට ලක්ව ඇති බවද ඔවුන් කියාසිටියි. Tamil Eelam Cyber Force කණ්ඩායම එම වෙබ් අඩවි වල අඩංගු දත්ත වෙනස් කොට ඔවුන්ගේ පණිවිඩයක් එක්කොට තිබුණු අතර "ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාද සිදු කළා" යන්න හැඟවීමට ජායාරූප කිහිපයකුත් එම වෙබ් අඩවිවලට එක් කොට ඔවුන්ගේ ගීතයක්ද වෙබ් අඩවියේ වාදනය කළහැකි ආකාරයට එක්කොට ඇත.

මෙලෙස සයිබර් ප්‍රහාරයට ලක්වුණ වෙබ් අඩවි අතර කුවේට්,චීන තානාපති කාර්යාල වෙබ් අඩවි මෙන්ම විශ්වවිද්‍යාල වෙබ් අඩවිද ඇතුලත් බව නිරීක්ෂණය කිරීමේදී දැකගැනීමට හැකිවී ඇත.

hack 02