ඥානසාර හිමි නිදහස් කරන්න අපි ජනපතිට සතියක් කල්දීලා තියෙනවා

ඥානසාර හිමි නිදහස් කරන්න අපි ජනපතිට සතියක් කල්දීලා තියෙනවා

21 May 2019 12:47 am

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් ලබන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සතියක කාලයක් ජාතික සංවිධාන වශයෙන් තමන් විසින් ලබාදී ඇති බව සිංහලේ අපි සංවිධානයේ සභාපති ජබුරේවෙල චන්ද්‍රරතන හිමි පවසයි.

 

ඥානසාර හිමි සහ ජනාධිපතිවරයා අතර ඇතිවූ සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා ඥානසාර හිමිව නිදහස් කරන තැනට පත්වෙමින් සිටින්නේයැයි තමන් සිතන බවයි චන්ද්‍රරතන හිමි ප්‍රකාශ කළේ.

එසේම, බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමි පැවසුවේ ජනාධිපති කාර්යාලයෙන් තමන්ට නිල නොවන ආරංචිමාර්ග වලින් ලැබෙන තොරතුරු අනුව යම් යම් ලිපිලේඛන සකස් කෙරෙමින් පවතින බව දැනගන්නට ලැබී ඇතත් එහි සත්‍ය අසත්‍යතාව තමන් නොදන්නා බවයි.

RN