දිවයිනට වැඩ වරදී. අසත්‍ය පුවත ගැන CIDයෙන් අපරාධ විමර්ශනයක් !

දිවයිනට වැඩ වරදී. අසත්‍ය පුවත ගැන CIDයෙන් අපරාධ විමර්ශනයක් !

24 May 2019 03:12 am

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර ඇති බවට ඊයේ (23) දිවයින පුවත්පත පළ කළ අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අපරාධ විමර්ශනයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

 

එවන් වෛද්‍යවරයකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති පසුබිමක් තුළ එවැන්නෙක් අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව‍ට අසත්‍ය පුවතක් දිවයින පුවත්පත විසින් පළ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එසේම අදාළ පුවත සම්බන්ධ සම්පූර්ණ වගකීම දිවයින පුවත්පත සහ අදාළ මාධ්‍යවේදියා භාරගත යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

ජාතීන් අතර අසමඟිය ඇති කිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීම අපරාධ ගණයට වැටෙන වරදකි.

RN